බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි
Thursday, 10 September 2020 - 8:09 | Views - 254
අද දිනයේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි වර්ශාපතනයක් අපේක්ෂා කරන බවයි.
මේ අතර දිවයින හරහා හමන සුළඟ පැයට කිලෝමීටර් 50-60ත් අතර වැඩි වීමක් අද දිනයේ බලාපොරොත්තු වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වය දැක්වෙන නිවේදනය පහතින්.
Share This Article