ඩයමන්ඩ් නෞකාව, අවට මුහුදේ සාම්පල අද රස පරීක්ෂක වෙත
Thursday, 10 September 2020 - 8:05 | Views - 350
එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ රඳවා තිබෙන මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් සාම්පල අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ සිය අධිකාරිය සතු රසායනාගාරය මගින් එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

දින දෙකක් ඇතුළත එම සාම්පලවල වාර්තා ලබා ගැනීමට හැකිවන බවද ඔහු සඳහන් කළා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි අදාළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරනු ලබන්නේ.

අදාළ නෞකාව මේ වනවිට නාවික සැතපුම් 50ක දුරක රඳවා තිබෙන අතර, නෞකාවේ සිට සැතපුම් දෙකක් පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී තිබෙනවා.

පසුගිය සඳුඳා මෙම නෞකාවේ යළි දෙවන වරට ගින්නක් හටගත් අතර, එය ඊයේ අලුයම් කාලයේදී මුළුමනින්ම පාලනය කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top