සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න මහජන සහය ඉල්ලයි
Wednesday, 09 September 2020 - 16:55 | Views - 1,506
මුදල් වංචාවක් සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා තිබෙනවා.
2019 වසරේ රුපියල් ලක්ෂ 65 ක මුදලක් වංචාකර ඇති මෙම සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇතිබවයි තොරතුරු වාර්තාවන්නේ.
මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත්තේ කෝන්වැව පාර, එප්පාවල ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ සමන් කුමාර හේරත් නමැති සැකකරුවෙක්.
අදාළ සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 025-222 6014 අංකය වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ.
Share This Article