බිරිය නිවසේ නැති අතරේ දැරියන් තිදෙනාට නරුම වැඩක් කළ පාපතර පියා
Wednesday, 09 September 2020 - 15:40 | Views - 317
බිරිය නිවසේ නොමැති අතරේ සිය 12, 09, සහ 6 වියේ පසුවන දැරියන් තිදෙනාට බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකළැයි සැකපිට යුද හමුදා සාමාජිකයෙක් ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න, මීගම 5 කණුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියකු බවත් ඔහු පානදුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරි කරන බව අනාවරණය වී ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුගෙන් නිතර නිතර සිදුවන හිංසා හේතුවෙන් බිරිය දියණියන් රැගෙන මහියංගණ ගැමුණුපුර ප්‍රදේශයේ සිය මහගෙදර නැවැතී ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් ජීවිකාව පවත්වාගෙන ගොස් තිබේ.

පසුව සැකකරු බිරිය සහ දරුවන් සොයාදෙන ලෙස වැලිපැන්න පොලිසියට කළ පැමිණිලි අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. කේ. ගමගේ මහතා බිරියගේ දුරකථන වාර්තා ලබාගෙන බිරිය සහ දරුවන් මහියංගණ ප්‍රදේශයේ හොඳින් සිටින බවත් ඔවුන්ට නිදහෙස් ජීවත්වීමට සලස්වන ලෙසත් සැකකරුට උපදෙස් දී තිබේ.

උපදෙස් නොසලකා හැර ඇති සැකකරු මහියංගණ පොලිසියට පැමිණිලිකර දියණියන් තමා විසින් හොඳින් රැක බලා ගැනීමට අවශ්‍ය බව සඳහන් කර වැලිපැන්න ප්‍රදේශයට රැගෙන විත් තිබේ.

සැකකරුගේ පියාද එම නිවසේම රැඳී සිටීමින් දැරියන් ගැන දැඩි විමසිල්ලෙන් සොයාබලා ඇති අතර එබැවින් සැකකරු ඔහුවද නිවෙසින් පන්නා දමා ඇතැයි පොලිසිය කියයි. පසුගිය දිනෙක සීයා නිවෙසට පැමිණි පසු සොයුරියන් නොමැති අතරේ පියා තමාව කාමරයට රැගෙන ගොස් ලිංගික හිරිහැර කරන බව දැරිය දැනුම් දී ඇති අතර ඒ අනුව සීයා දැරියගේ මවට දුරකථන ඇමතුමක් දී මේ බව දැනුම් දී තිබේ.

ඇය ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව දැනුම් දීමෙන් පසු වැලිපැන්න පොලිස් නිලධාරීන් දැරියගේ මව වැලිපැන්න පොලිසියට කැඳවා දැරිය නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට පමුණුවා ඇත. වෛද්‍ය වාර්තාවට අනුව දැරිය මාස දෙකකට අධික කාලයක් තිස්සේ බරපතළ ස්ත්‍රී දූෂණයකට ලක්ව ඇති බවට වාර්තාවේ සඳහන් වීමෙන් පසු ඊයේ (08දා) සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පියා ඇයට සිදුකරන ආකාරයටම සිය 12 හැවිරිදි අක්කාට සහ 6 හැවිරිදි නංගිටද ලිංගික අතවර සිදුකරන බවට නව හැවිරිදි දැරිය පොලිසියට දැනුම් දීමෙන් පසු ඔවුන් දෙදෙනා ද ඊයේ නාගොඩ රෝහලට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.කේ.ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශ ස්ථානාධිපතිනි සැරයන් මැණිකා (5125), කා.පො.කො තිළිණි (10532), කොස්තාපල් පියසිරි (64864) පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය - සුමිත් රණවක, කොළඹ - එම්. සී. පෙරේරා
මව්බිම පුවත්පතෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top