ක්‍රිකට් ක්‍රීඩක කුසල්ට ඉතිරි ලක්ෂ 8 ගෙවන්නැයි නියෝගයක්
Wednesday, 09 September 2020 - 14:19 | Views - 1,059
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් අද නියෝග කළා.
එම මුදල බැංකුගත කළ බව ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසයි මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය සැකකරුට නියෝග කළේ.
පානදුර උතුර - හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලුපාරේ දී පසුගිය ජූලි 3 වනදා කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ජීවිතක්ෂයට පත්වූයේ 64 හැවිරිදි සිව්දරු පියෙක්.
පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂ 10ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර, රුපියල් ලක්ෂ 2 ක් පැමිණිලි පාර්ශවයට ලබාදීමට කුසල් මෙන්ඩිස් කටයුතු කර තිබුණා.
Share This Article