ලෙඩ්ඩුන්ට වෙදකම් කරපු හොර වෛද්‍යවරයා දරුවන් 14දෙනෙකුගේ පියෙක්
Wednesday, 09 September 2020 - 14:11 | Views - 312
වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් ඇතුළු අවට ප්‍රධාන නගරවල රෝගින්ට වෛද්‍යය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් ඊයේ (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මතයි එම භාරකාර මණ්ඩලය විසින් එ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු අදාල ව්‍යාජ වෛද්‍යවරයාව හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණි මෙම ව්‍යාජ වෛද්‍යවරයා නිල චිකිස්සාවෙන් විවිධ රෝග සදහා ඖෂධ ලබා නොදි පිලි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගින්ට උපදෙස් ලබා දි රෝගියෙකුගෙන් රු 800 ක් ද අය කර ඇති බවයි පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යනවිට එම ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනිමට රොගින් විශාල පිරිසක් එම නිවසේ රැදි සිටි බවත් පැවසෙනවා.

ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍යය උපදෙස් ලබා ගැනිමට පැමිණෙන රෝගින් හරහා අත්පත්‍රිකාද බෙදා දෙමින මෙම ව්‍යාජ වෛද්‍යය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු දරුවන් 14 දෙනෙකුගේ පියෙකු බවත් , ඔහු සතුව නිල චිකිස්සක වෛද්‍යවරයෙක් ලෙස පෙනි සිටිම කිසිදු පිලිගත් ආයතනයකින් නිකුත් කරන ලද සහතිකයක් හෝ අවසර පත්‍රයක් සැකකරු සන්තකයේ නොතිබුණු බවයි හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා කියා සිටියා.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතාද කියා සිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරයා හැටන් ප්‍රදේශයට පැමිණ වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට තම භාරකාර මණ්ඩලය දැනුවත් නොකල බවත් , එම ව්‍යාජ වෛද්‍යවරයා දිනකට රොගින් 80 දෙනෙකු පමණ පරික්ෂා කර ඇති බවත් , මේ සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන් තම භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කල බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කර සැකකරුට එරෙහිව ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top