පොල් සහ එළවළු මිල ඉහළට
Wednesday, 09 September 2020 - 13:19 | Views - 836
වෙළඳපොළේ එළවළු සහ පොල් මිල යළි ඉහල ගොස් තිබෙනවා. පොල් ගෙඩියක මිල අද වනවිට රුපියල් 90ත් 100ත් අතර සටහන් වන අතර ඊට හේතු වී ඇත්තේ පොල් ඵලදාව අඩු වීමයි.
පසුගිය දිනවල පැවති වියලි කාලගුණයත් සමඟ අපේක්ෂා කළ පොල් ඵලදාව නොලැබුණු බවයි පොල් වගාකරුවන්ගේ කියා සිටියේ. එමෙන්ම, වෙළඳපොළේ එළවළු මිල ගණන් සියයට 15කින් පමණ ඉහල ගොස් තිබෙනවා.
කැරට්, ලීක්ස්, බෝංචි සහ ගෝවා යන එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ඉක්මවා ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරය සඳහන් කළේ.
ප්‍රමාණවත් පරිදි එළවළු තොග වෙළඳපොළ වෙත නොලැබීම මෙලෙස මිල ඉහල යාමට හේතු වී තිබෙනවා.
Share This Article