මේගන්ගේ නාස්තිකාර ජීවන රටාව ගැන උදම් ඇනු, අයට පිළිතුරක්- වියදම් කළ මුදල් හැරී- මේගන් නැවත ගෙවා දමයි
සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු, ෆ්‍රොග්මෝර් නිවස අළුත්වැඩියා කිරීමට වැයවූ යුරෝ මිලියන 2.4ක මුදල නැවත බ්‍රිතාන්‍ය රජය වෙත ගෙවා ඇති බව සිය නිල ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර තිබුණා. මේ තරම් මුදලක් ඔවුන්ට ලැබී තිබුණේ, Netflix ආයතනය සමගින් ඉදිරි වසර 5 සදහා ගිවිසුම් අත්සන් කිරීම නිසාය.
පසුගියදා රාජකීය යුවළ නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, එංගලන්ත රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී ස්වාධීනව ජීවත් වන බවයි. හැරී මේගන් විවාහයට පෙර පටන්ම බ්‍රිතාන්‍ය ජනතාවගෙන් මෙන්ම රජ පවුලෙන් එම විවාහයට විරෝධතා එල්ල වූ නමුත් හැරී කුමරුන් ස්වකීය අභිමතය පරිදි මේගන් විවාහ කර ගත්තා.
විවාහයෙන් පසු හැරී මේගන් යුවළ නිරන්තරයෙන් ජනමාධ්‍යවල අවධානයට මෙන්ම ඇතැම් අවස්ථාවලදී බ්‍රිතාන්‍ය ජනයාගේ දෝෂාරෝපණයටද ලක් වුණා. එයට ආසන්නම හේතුව වින්ඩ්සර් මාලිගයේ නව යුවළ ජීවත් වූ ෆ්‍රොග්මෝර් නිවහන අලුත්වැඩියා කිරීමයි. ඇමරිකානු නිළියක් වූ මේගන් මර්කල් කුමරියගේ නාස්තිකාර ජීවන රටාව රජ පවුලට ඔරොත්තු නොදෙන බවටද එකළ විවිධ මතවාද ඉදිරිපත් වුණා.
මේ සියල්ල හැරී කුමරුන් ඉවසා දරා සිටි අතර අවසානයේ කුමරුන් ප්‍රකාශ කළේ, ඔවුන් දෙදෙනා ජීවිතයේ නිදහස සොයා ඇමරිකාව බලා පිටත් වෙන බවයි . ඒ අනුව රාජකීය කුමරෙක් ලෙසින් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් මෙතෙක් කල් ලද ආරක්ෂාව මෙන්ම ආර්ථික රැකවරණය කුමරුට අහිමි වුණා. හැරී මේගන් යුවළ ඇමරිකාවේ නිවසක ඔවුන්ගේ නිදහස් ජීවිතය ආරම්භ කළා.
එමෙන්ම හැරී -මේගන් යුවලගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ චාර්ල්ස් කුමරුගේ මධ්‍යගත අරමුදලෙන් ලැබෙන මුදලද මේ වන විට හෑරී මේගන් යුවළට නොලැබෙන බවද කුමරු ප්‍රකාශ කළා. ෆ්‍රොග්මෝර් නිවස එංගලන්ත රැජිනගේ දේපලක් වන අතර හැරී මේගන් යුවළ බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවක පමණක් එය රාජකීය නිවහන ලෙස භාවිතා කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම රාජකීය යුවළ පිළිබඳ මේ වසරේ අගෝස්තු මස 11 වන දින ඔමිඩ් ස්කේබි සහ කැරොලින් ඩුරාන්ඩ් එලිදැක්වූ Finding Freedom Harry and Megan and the Modern Royal Family පොතෙන් හැරී මේගන් යුවළගේ රාජකීය වගකීම් සහ රජ පවුලෙන් වෙන් වී නිදහස් ජීවිතයක් ගත කිරීම, හැරී මේගන් යුවළගේ ආදර කතාව ආදිය අන්තර්ගත කොට තිබෙනවා.
හැරී කුමරුන් සහ මේගන් යුවළ ඇමරිකාවේ ගත කරන නිදහස් ජීවිතය පිළිබඳව දැක්වෙන මෙම කෘතිය, රජ පවුලට හිතවත් මාධ්‍ය සහ ඇතැම් බ්‍රිතාන්‍ය ජනයා කරන චෝදනා වලටද හොඳ පිළිතුරක් වනු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .
කෙසේවෙතත් හැරී කුමරුන් යනු තම ආදරය වෙනුවෙන්ම කැප වූ සොදුරු අපූරු ආදරවන්තයෙක්.
