අනතුරට ලක්වූ ධීවර යාත්රාවක සිටි දෙදෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ
Wednesday, 09 September 2020 - 10:39 | Views - 382
කළුතර - ඇලබඩවත්ත ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් ධීවරයන් දෙදෙනා බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
Share This Article