ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ පෙම්වතිය වන රියා, අත්අඩංගුවට ගත් හේතුව
Wednesday, 09 September 2020 - 9:30 | Views - 300
ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වන රියා චක්‍රබෝර්ති ඉන්දිය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සුෂාන්ත්ගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී අනාවරණ වූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්.

දින තුනක් පුරා සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අත්අඩංගුවට ගත් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය ජුනි මස 14 වනදින සිදු වූ සුෂාන්ත් සිංගේ මරණය සම්බන්ධයෙන් රට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී රීයා චක්‍රබොර්ති විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා.

මීට ප්‍රථම ඇයගේ සහෝදරයෙකු ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ද සඳහන්.

රියාගේ දුරකථනයේ තිබු කෙටි පණිවුඩ සහ සංවාද සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව ඇයව මත්ද්‍රව්‍ය පාලන කාර්යංශ භාරයට ගෙන තිබෙනවා.

එම සංවාද අනුව රියා විසින් සියදිවි හානිකර ගනු ලැබූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් හට මත්ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණවී ඇති බවයි අනාවරණවී ඇත්තේ.

ඊයේ දිනයේදී ඇය මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඇය කියා සිටියේ තමන් යම් දෙයක් සිදුකළා නම් එය කළේ, සුෂාන්ත් වෙනුවෙන් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top