නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කතක් පළා යයි
Wednesday, 09 September 2020 - 8:35 | Views - 584
කළුතර - උතුර සිරිලන්ද බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් පළාගොස් තිබෙනවා.
48 හැවිරිදි කාන්තාවක් මෙලෙස පළාගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ගංජා ග්රෑම් 100ක් ළඟ තබාගෙන සිටි යුද හමුදා සෙබලෙකු වැලිපැන්න - ලද්දූව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, හමුදාවෙන් පළා ගිය සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (08) අත්අඩංගුවට ගත්තේ වැලිපැන්න - ලෙව්වන්දූව ප්රදේශයේදියි.
Share This Article