ලෝක කොරෝනා මරණ නව ලක්ෂය ඉක්මවයි
Wednesday, 09 September 2020 - 8:06 | Views - 545
ලොව පුරා කොරෝනා ආසාදිතයන් දෙකෝටි 77 ලක්ෂ 21,721 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ නව ලක්ෂ 874ක් ලෙසයි. ගත වූ පැය 24රේ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වුණා.
එරට දෛනික මරණ සංඛ්‍යාව 1107ක් ලෙස සටහන් වූ අතර ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 89,852ක් ලෙසයි. බ්‍රසීලයේ සහ ඇමරිකාවේ දෛනික මරණ සහ ආසාදිතයන් වාර්තා වීම මේ වන විට පහළ ගොස් තිබෙනවා.
Share This Article