ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කොමිසමට
Wednesday, 09 September 2020 - 8:02 | Views - 381

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊයේ පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.
එසේම ඊයේ දිනයේදී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද කොමිසම හමුවේ පෙනී සිටියා.
මේ අතර, මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ඊයේ පස්වරුවේ කොමිසම වෙත පැමිණ තිබුණේ පෙර ලබාදුන් සාක්ෂි මගින් අගතියක් සිදුවූ බවට මුස්ලිම් සංවිධාන 10 ක් කොමිසමට කර තිබූ දැනුම්දීමක් මත උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න විමසීමට කළ ඉල්ලීමකට අනුවයි.
එමෙන්ම, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඊයේ දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියා.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද ඊයේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණ තිබුණේ පෙර කර තිබූ දැනුම්දීමකට අනුවයි.
Share This Article