නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න යළි පාලනය කෙරේ
Wednesday, 09 September 2020 - 7:51 | Views - 751
අයහපත් කාලගුණයත් සමග වර්ධනය වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න ඒකාබද්ධ ආපදා කළමනාකරණ කණ්ඩායම්වල මෙහෙයුම් මගින් අද අලුයම වන විට සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ වන විට නෞකාවෙන් ගිනි දැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන බවයි.

කෙසේ වෙතත් ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙනයාම සිදුකරමින් පවතින බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වභාවය සහ දැඩි සුළං ප්‍රවාහය ද හමුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා.

නෞකාවට කිලෝමීටරයක් පමණ දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් ඉන්ධන පැල්ලමක් පෙර දින සවස් කාලයේ නිරීක්ෂණය කර ලද අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් ඉන්දන පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කළ බව ද නාවික හමුදාව සදහන් කළා.

එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයට අයත් සමුද්‍රිය පර්යේෂණ නෞකාවක් එම මුහුදු ප්‍රදේශය වෙත ළගා වී වැඩිදුර පරීක්ෂණ කටයුතුවල නිරත වනවා.

එමෙන්ම නෞකාවේ පවතින ආපදා තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වීමෙන් පසුව නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සොයා බැලීම සදහා නාවික හමුදාපතිවරයාගේ උපදෙස් මත ආපදා කළමනාකරණය පිලිබද විශේෂඥ පුහුණුවක් ලත් තවත් කණ්ඩායමක් අද එම මුහුදු ප්‍රදේශය වෙත නික්ම යාමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top