විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු ඉවත් කර නැහැ
Tuesday, 08 September 2020 - 16:26 | Views - 402

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමට හෝ වැටුප් අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව එහි සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී වන්සේකර ප්‍රකාශ කළා.
ඔහුගේ අත්සනින් යුතුව ඊයේ එම කාර්යාංශයේ අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර ඇති චක්‍ර ලේඛයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි සාමාන්‍යාධිකාරිවරයා මේ බව කියා සිටියේ.
කොරෝනා වසංගතය හේතුවෙන් කාර්යාංශයේ දෛනික ආදායම පහල ගොස් ඇති අතර ඉදිරියේදී ශාඛා කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිත බව අදාළ ලිපියේ දක්වා තිබෙනවා.
උද්ගතවී ඇති තත්ත්වය සලකා කාර්යාංශයේ කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු ඔක්තොම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කොන්දේසි මත අඩ වැටුප් සහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාර්ය මණ්ඩලයේ කැමැත්ත විමසීමට තීරණය කර ඇති බවයි අදාල ලිපියේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී වන්සේකර කියා සිටියේ මෙය තොරතුරු ලබා ගැනීමට පමණක් නිකුත් කළ චක්‍ර ලේඛයක් පමණක් බවයි.
Share This Article