විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු ඉවත් කර නැහැ
Tuesday, 08 September 2020 - 16:26 | Views - 403
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමට හෝ වැටුප් අඩු කිරීමට තීරණයක් ගෙන නොමැති බව එහි සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී වන්සේකර ප්‍රකාශ කළා.

ඔහුගේ අත්සනින් යුතුව ඊයේ එම කාර්යාංශයේ අංශ ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර ඇති චක්‍ර ලේඛයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි සාමාන්‍යාධිකාරිවරයා මේ බව කියා සිටියේ.

කොරෝනා වසංගතය හේතුවෙන් කාර්යාංශයේ දෛනික ආදායම පහල ගොස් ඇති අතර ඉදිරියේදී ශාඛා කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිත බව අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

උද්ගතවී ඇති තත්ත්වය සලකා කාර්යාංශයේ කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු ඔක්තොම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කොන්දේසි මත අඩ වැටුප් සහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාර්ය මණ්ඩලයේ කැමැත්ත විමසීමට තීරණය කර ඇති බවයි අදාල ලිපියේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී වන්සේකර කියා සිටියේ මෙය තොරතුරු ලබා ගැනීමට පමණක් නිකුත් කළ චක්‍ර ලේඛයක් පමණක් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top