එයා මැරෙන්න කලින් මගේ ගිණුමට සල්ලි දාලා තිබුණා - සුෂාන්ත් සිං සියදිවි නසාගන්න පෙර සිදු කළ තවත් ක්‍රියාවක් එළියට
Tuesday, 08 September 2020 - 16:14 | Views - 643
පසුගිය ජුනි මස සියදිවි නසාගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඇතිදැඩි කළ සුනඛයින් හට රැකවණය ලබා දෙන ලෙස පවසා තමන් මට මුදල් ගෙවු බව ඔහුගේ ලොනවල ගොවිපොළේ භාරකරු වන රයිස් නමැත්තා පවසනවා.

ඔහු මාධ්‍ය වෙත කියා ඇත්තේ, මිය යාමට පෙර දින තම ගිණුමට සුෂාන්ත් විසින් මුදල් බැර කර තිබු බවයි.

අමර්, අක්බාර් සහ ඇන්තනි ලෙස නම් කර ඇති රොට්වයලර් සුනඛ පැටවුන් තිදෙනා හදාවඩා ගැනීමට සූදානම් බව ද රයිකා ප්‍රකාශ කර තිබුණා.

සුෂාන්ත් විසින්, අදාළ ගොවිපළ කුලි පදනම යටතේ ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, එය මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඔහු හට තිබු බව ද සඳහන්.

එමෙන්ම ගොවිපළ සම්බන්ධයෙන් වන ගිවිසුම මැයි මස අවසන්වීමට නියමිතව තිබුණ ද, ජුනි සහ ජූලි යන මාසවලට සුෂාන්ත් විසින් අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් සුෂාන්ත්ගේ මරණයෙන් අනතුරුව ඔහුගේ සුරතල් සුනඛයින් අසරණවී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top