එයා මැරෙන්න කලින් මගේ ගිණුමට සල්ලි දාලා තිබුණා - සුෂාන්ත් සිං සියදිවි නසාගන්න පෙර සිදු කළ තවත් ක්‍රියාවක් එළියට
පසුගිය ජුනි මස සියදිවි නසාගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඇතිදැඩි කළ සුනඛයින් හට රැකවණය ලබා දෙන ලෙස පවසා තමන් මට මුදල් ගෙවු බව ඔහුගේ ලොනවල ගොවිපොළේ භාරකරු වන රයිස් නමැත්තා පවසනවා.
ඔහු මාධ්‍ය වෙත කියා ඇත්තේ, මිය යාමට පෙර දින තම ගිණුමට සුෂාන්ත් විසින් මුදල් බැර කර තිබු බවයි.
අමර්, අක්බාර් සහ ඇන්තනි ලෙස නම් කර ඇති රොට්වයලර් සුනඛ පැටවුන් තිදෙනා හදාවඩා ගැනීමට සූදානම් බව ද රයිකා ප්‍රකාශ කර තිබුණා.
සුෂාන්ත් විසින්, අදාළ ගොවිපළ කුලි පදනම යටතේ ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, එය මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඔහු හට තිබු බව ද සඳහන්.
එමෙන්ම ගොවිපළ සම්බන්ධයෙන් වන ගිවිසුම මැයි මස අවසන්වීමට නියමිතව තිබුණ ද, ජුනි සහ ජූලි යන මාසවලට සුෂාන්ත් විසින් අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් සුෂාන්ත්ගේ මරණයෙන් අනතුරුව ඔහුගේ සුරතල් සුනඛයින් අසරණවී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.
