නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉදිරි කටයුතු ගැන තවත් සාකච්ඡාවක්
Tuesday, 08 September 2020 - 15:09 | Views - 503
එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවන හානිය සහ ඊට අදාළ ඉදිරි පියවර තීරණය කිරීම සඳහා, හදිසි තත්ත්ව කළමනාකරණ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරු 2ට පැවැත්වෙනවා.

ඒ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේදියි.

මේ අතර, ඊයේ පස්වරුවේ සිට යළි හට ගත් එම නෞකාවේ ගින්න තවදුරටත් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඊයේ දිනයට වඩා එහි ගිනි දැල් හා දුමාරය යම් මට්ටමකින් අඩු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළා.

අන්තර් ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මැදිහත් වීමෙන් මේ වන විට මෙරටට පැමිණ සිටිනවා.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර කියා සිටියේ ඔවුන් සහ මෙරට සියළු පාර්ශවකරුවන් අතර අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන තවත් සාකච්ඡාවක් ද මේ වන විට පැවැත්වෙන බවයි.

මේ අතර, වියළි රසායන ද්‍රව්‍ය කිලෝ 1500ක් සමඟ මෙරටට පැමිණි ඉන්දියාවට අයත් අබ්හීක් නෞකාව අද පෙරවරුවේ එම රසායන ද්‍රව්‍ය මෙරට බලධාරීන්ට භාරදුන් බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළා.

එසේම ඉන්දියාවේ ඩෝනියර් යානයක් ද චෙන්නායි සිට ත්‍රිකුණාමලය බලා පිටත් කර ඇත්තේ තවත් වියළි රසායන ද්‍රව්‍ය කිලෝ 700ක් සමඟයි.

ගින්න නිවීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් දායකත්වය ලබාදෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන්ත් සෙනෙවිරත්න කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top