මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට සහන අයවැයෙන් පසු
Tuesday, 08 September 2020 - 14:43 | Views - 1,234
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට පනවා ඇති සියයට 14 ක උපයන ලාභ මත ආදායම් බද්ද සහ සියයට 15 ක රත්‍රං ආනයන බද්ධ ඉවත් කිරීම ලබන අයවැයෙන් පසු සිදුවනු ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කළා.
ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ජාවකදී ජනාධිපතිවරයා විසින් අදාල තීරණය ප්‍රකාශයට පත් කළ අතර විශේෂයෙන් එය මෙරට කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් ලබාදුන් බවයි එම අධිකාරියේ සභාපති අමිත ගමගේ සඳහන් කළේ.
මෙලෙස බදු සංශෝධනය කිරීමක් රත්‍රං කර්මාන්තකරුවන්ට සහනයක් බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආර්. බාලසුබ්රමනියම් කියා සිටියේ.
Share This Article