කෑමවලට මොනවා හරි දාලා කියලා කියද්දීම මගේ බිරිඳ ක්ලාන්තය දාලා වැටුණා - ලේලිටයි පුතාටයි විස කැවූ නරුම පුංචි අම්මාට අත්වූ ඉරණම
Tuesday, 08 September 2020 - 14:09 | Views - 1,064

රාත්‍රි ආහාරයට ගන්නා කෑමට කිසියම් විස ද්‍රව්‍යයක් මිශ්‍රකර කෑමට සලස්වා පුද්ගලයන් දෙදෙනකුට තුවාල සිදුකිරීමක් සම්බන්ධව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා සිටි කාන්තාවක් ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පූගොඩ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මන්ඩාවල පදිංචි කාන්තාවකි.
“මහමෙරපාර, ඉහළ ලුණුගම, මණ්ඩාවල නිවසේ මමත් බිරියත්, මවත්, පියත් සමඟ පදිංචිව සිටිනවා. තම බිරිය කෑම පිසිනවාට පුංචි අම්මා අකැමැතියි. නිතරම තම බිරියට පරුෂ වචනයෙන් බැන වදිනවා. සිද්ධිය වූ 2020-09-06 දින මගේ බිරිය රාත්‍රි ආහාරය සඳහා රතු අල ව්‍යාංජනයක් හා වම්බටු මාළුවක් සම්බෝලයක් සාදා තිබුණා. බිරිය රාත්‍රි කෑම කා අවසන් වී මටද කෑම කන්න කිව්වා. කෑම කමින් සිටියදී මගේ උගුර කහන්ට වුණා.
මම කෑම ගැනීම නවත්වා කෑමට මොනවාහරි දාලා තියෙනවා කියලා බිරියට කිව්වා. එක්වරම බිරියට ක්ලාන්තය හැදුණ බැවින් මම 119ට ඇමතුමක් දී බිරිය ත්‍රීවීල් එකකින් රදාවාන රෝහලට රැගෙන ගියා. පසුව රදාවානෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කළා. “ යනුවෙන් බස්නායක මුදියන්සේලාගේ ජනක නමැති අය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිආරච්චි , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. මංජුල කුමාර , අපරාධ විමර්ශන නිලධාරි උ.පො.ප. ආටිගල යන මහත්වරු ප්රමුඛ පොලිස් නිලධාරී පිරිසක් විසින් පරීක්ෂණ මෙහෙයවා සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට පමුණුවා තිබිණි. පො.සැ. රොෂාන් මහතා (69347) පැමිණිල්ල මෙහෙය වීය.
මව්බිම
පූගොඩ _ එස්. නුවරපක්ෂ
Share This Article