පිටිය මැදට යන්නේ මම මිසක් මගේ අම්මා තාත්තා නෙමෙයි, ඒ නිසා මගේ දක්ෂතාවය තමයි මෙතැනදී බලපාන්නේ
Tuesday, 08 September 2020 - 12:46 | Views - 291
පසුගියදා පැවති ක්‍රීඩා සමාජ තරඟ සඳහාත් ඔබ සම්බන්ධ වෙලා දක්ෂතා ලක්වුවා. ඒ ගැනත් මතක් කරමු..?
පාසලෙන් ඉවත් වුනු ගමන් මම අවුරුදු දෙකක් බදුරලිය ක්‍රීඩා සමාජයට එකතු වෙලා ක්‍රීඩා කළා. ඊට පස්සේ සි. ආර්. සි ක්‍රිකට් සමාජයට එකතු වෙලා ක්‍රීඩා කළා. පසුගියදා පැවති තරඟය නියෝජනය කළේ සි. ආර්. සි ක්‍රිකට් සමාජයෙන්. ඒ සීසන් එකේදී මම විකට් 61ක් ලබා ගත්තා. අර්ධ ශතකයකුත් ලබා ගත්තා.

ඔබේ පියා ප්‍රවීණ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, කෙනෙක් ඔබට ඇගිල්ල දිගු කරන්න පුළුවන් ඔබේ පියාගේ බලපෑම නිසා ඔබ ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා කියලා, ඔබ ඒ ගැන මොකද කියන්නේ..?
මට වගේම මගේ මල්ලිලා දෙන්නගේ කිසිදු වැඩකට අම්මා තාත්තාගෙන් බලපෑමක් නැහැ. මගේ තාත්තා නිතරම කියන දෙයක් තමයි දක්ෂතාවයෙන් ජාතික කණ්ඩායමට එකතු වුණොත් පැවැත්මක් තියෙයි. එහෙම නැතුව බලපෑමකින් ගියොත් තරඟයක් දෙකක් ගහලා කණ්ඩායමෙන් විසි වෙයි කියලා. අනීති එක තමයි පිටිය මැදට යන්නේ මම මිසක් මගේ අම්මා තාත්තා නෙමෙයි, ඒ නිසා මගේ දක්ෂතාවය තමයි මෙතැනදී බලපාන්නේ.

ඔබේ නිවුන් සහෝදරයාත් ක්‍රිකට්වලට දක්ෂයි, හැම වැඩකදීම එකට දකින්න ලැබෙන ඔබේ නිවුන් සහෝදරයාට අවස්ථාවක් නොලැබීම ගැන මොකද හිතන්නේ..?
මේ වෙලාවේ එයාගේ දක්ෂතා මදි ඇති. ඒ නිසා තමයි ඔහුට අවස්තාව නොලැබෙන්නේ. මට දුකක් තියෙනවා නමුත් එයා උත්සහ කලොත් එයාටත් අවස්ථාවක් ලැබෙයි ඉදිරියේදී. එයාට සෙල්ලම් කරන්න බැරි කමක් නැහැ. එයා පන්දු යවන්නෙත් එයාටම අවේනික වූ රටාවකින්.

ලබන මස බංගලාදේශ ජාතික කණ්ඩායම ලංකාවට පැමිණෙනවා, ටෙස්ට් තරග තුනකට ඔබේ නම ඇතුලත්. ප්‍රවීණ ක්‍රීඩකයින් එක්ක අත්දැකීම් බෙදා ගන්න ලැබුණු එක ගැන මොකද හිතන්නේ, මේ දිනවල හදගැස්ම වැඩි ඇති..?
ඒ අවස්ථාව මතක් වෙද්දී මගේ හදවත ඇත්තටම ගැහෙනවා. ඇන්ජලෝ මැතිවුස් වගේ ප්‍රවීනයින් එක්ක ක්‍රීඩා කරන්න ලැබීම සතුටක්. ක්‍රීඩකයෙකුට හොඳ අවස්ථාවක් ඒක. මට අත්දැකීම් එකතු කරගන්න ලැබෙයි. හැම ක්‍රීඩකයෙක්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ ටෙස්ට් වරම් ලබන්න. කැප් එක දාගන්න. අර ඒ අවස්ථාව ලැබුනා. දැන් එයට සුදානම් වෙනවා. ඒ වගේම මට උදව් කල සියලුම පුහුණු කරුවන්ට, මගේ දෙමාපියන්ට, යාළුවන්ට. මල්ලිලා දෙන්නට ස්තුතිවන්ත වෙනවා.

හර්ෂණී වීරරත්න

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top