අයිපීඑල් සටන දෝනි සහ ෂර්මා අරඹයි
Tuesday, 08 September 2020 - 11:26 | Views - 258
2020 අයිපීඑල් තරගාවලියේ නිල කාල සටහන එළිදැක්වීම අයිපීඑල් පාලක සභාව මගින් පසුගිය ඉරිදා සිදු කෙරිණි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන 19 වැනිදා පැවැත්වෙන සමාරම්භක තරගයේදී පසුගිය අයිපීඑල් ශූරයින් වන මහේන්ද්‍ර සි දෝනිගේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝහිත් ෂර්මාගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මුණ ගැසීමට නියමිතය.

තරගාවලියේ තරග කිහිපයක් ශී‍්‍ර ලංකා වේලාවෙන් සවස 3. 30ට ආරම්භ වීමට නියමිත අතර අනෙකුත් තරග සියල්ල මෙරට වේලාවෙන් රාතී‍්‍ර 7. 30ට ආරම්භ වීමට නියමිතය.

කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන් රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් සඳහා මූලික වටයේදී තරග 3 බැගින් හිමිවන අතර චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, කිංග්ස් ඞෂ පන්ජාබ් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් තරගාවලියේ මූලික වටයේදී තරග දෙක බැගින් කී‍්‍රඩා කිරීමට නියමිතය.

ගෝලීය වසංගත තත්ත්වයෙන් ඉන්දියාවට වැඩිම බලපෑමක් එල්ලවීම මත මෙවර අයිපීඑල් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහී පැවැත්වීමට පාලක මණ්ඩලය තීරණය කළේය. එ් අනුව තරගාවලියේ සියලූම තරග අබුඩාබි, ඩුබායි සහ සාජා යන කී‍්‍රඩාංගණවල පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ස්ථානය පසුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව අයිපීඑල් පාලක මණ්ඩලය කියා සිටී.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top