සරාගී සුරූපිනියන්, තම හෝටලයට ගෙන්වා ගත් සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනාට වැඩ වරදී
සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Mason Greenwood සහ Phil Foden ලොව අතිශය දරුණු වසංගතයක් වන කොවිඩ් 19 නීති කඩ කර ඇති බැවින් එරට සංචිතයෙන් ඉවත් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා .
මෙලෙස ඔවුන් දෙදෙනාව එංගලන්ත සංචිතයෙන් ඉවත් කර තිබෙන්නේ, ජනප්‍රිය සුරුපිනියන් දෙදෙනෙක් වන Nadia Sif Lindal Gunnarsdottir සහ Lara Clausenව, තම කණ්ඩායම නවාතැන් ගෙන තිබෙන හෝටලයට ගෙන්වා ගෙන තිබෙන බැවින්ය.
එමගින් කොවිඩ් නීති කඩ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද මෙම සුරුපිනියන් දෙදෙනා පසුගිය ඉරිදා දින මෙලෙස එම හෝටලයට පැමිණ තිබෙන අතර එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, මේ වනවිටත් ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්ත සංචිතයෙන් ඉවත් කර තිබෙන බවයි.


