කුලී පදනම මත වාහන ලබාගෙන, කප්පම් ගත් ජාවාරම්කරුවන් කොටුවෙයි
Tuesday, 08 September 2020 - 9:51 | Views - 483
කුලී පදනම මත රථ වාහන ලබාගෙන මහා පරිමාණයෙන් මුදල් වංචා කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ අනාවරණයත් සමඟ ඊට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත රැගෙන ගිය වාහනයක් යළි හිමිකරුට ලබාදීම සඳහා ඔහුගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් බියගම -දෙල්ගොඩ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබුණා.

රථ වාහන කුලී පදනම මත ලබා ගන්නා බව පවසා මෙම පිරිස සංවිධානාත්මක ලෙස මුහුණු පොත හරහා දැන්වීම් පළ කර තිබුණා.

මීට අමතරව ඔවුන් කල් බදු ගෙවා ගැනීමට නොහැකි රථ වාහන ද නියමිත පරිදි කල් බදු ගෙවන බවට පොරොන්දු ලබාදෙමිනුයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස වාහන ලබාගෙන තිබුණේ.

ඒ අනුව කැකිරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහු සතු මෝටර් රථයක් කුලී පදනම මත පසුගිය ජුනි මාසයේදී මෙම පිරිසට ලබාදී තිබූ අතර, එය යළි ලබාදීම සඳහා එම සංවිධානාත්මක පිරිස ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා තිබුණා.

ඒ පිළිබදව එම මෝටර් රථය අයිති පුද්ගලයා පොලීසිය දැනුවත් කොට කප්පම් මුදල් ලබාදීම සඳහා දෙල්ගොඩ - ඉන්ධන පිරවුම්හල අසළට පැමිණෙන ලෙස පසුගිය සෙනසුරාදා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කප්පම් මුදල් ඉල්ලූ පුද්ගලයන් එම ස්ථානයට පැමිණ මෝටර් රථයේ හිමිකරුගෙන් කප්පම් මුදල් ලබාගැනීම සඳහා කටයුතු කළ අවස්ථාවේදී පොලීසිය ක්‍රියාත්මක වීමත් සමඟ මෙම පිරිස පැමිණි මෝටර් රථයෙන් පළා ගොස් තිබුණා.

එය සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබූ අතර, එය පසුගිය සෙනසුරාදා රාත්‍රී 6.55 හිරු ටී.වී. ප්‍රවෘත්ති ඔස්සේ ද විකාශය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මීගහවත්ත පොලීසිය ඒ පිළිබදව සිදුකළ විමර්ශනවලදීයි ඊට අදාළ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ. එමෙන්ම, ඔවුන් සතුව තිබී මෝටර් රථ 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ රාමේෂ්වරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ තමිල්නාඩුවේදී ධනුෂ්කොඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සපුගස්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මොහුට චෝදනා එල්ල වී ඇති අතර, සිද්ධියට අදාළව ඔහුගේ සොහොයුරෙකු ද අත්අඩංගුවට ගෙන සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top