හයිසෙන් සුළි කුණාටුව ජපානය පසු කරමින් දකුණු කොරියාවට
Tuesday, 08 September 2020 - 8:27 | Views - 186
දකුණු කොරියාවේ දෙවන විශාලතම නගරය වන උල්සාන් නගරයට මෙම කුණාටුව බලපා තිබේ.
එරට ගුවන් ගමන් තුන්සියයක් හා දුම්රිය සේවා විශාල ප්රමාණයක් මේ හේතුවෙන් අවලංගු කර තිබේ.
ජේජු දූපත හා දකුණු ප්රදේශවල නිවාස පන්දහසකට විදුලිබල සැපයුම බිඳ වැටී තිබේ.
මේ අතර සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ලක්ෂ අසූවක ජනතාවක් වාසස්ථානවලින් ඉවත් කරන ලද අතර නිවාස දහස් ගණනකට විදුලි බලය බිඳ වැටී තිබේ.
සුළි කුණාටුවෙන් ජපන් වැසියන් තිස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Share This Article