යළි ඇවිලුණු තෙල් නැවේ ගින්න නිවන්න තවදුරටත් මෙහෙයුම් - විශේෂඥ කමිටුවත් යාත්‍රාවල සිට නිරීක්ෂණ කටයුතුවල
Tuesday, 08 September 2020 - 8:11 | Views - 731
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව පරීක්ෂා කිරීම සඳහා මෙරට විශේෂඥ කණ්ඩායම අද (08) අලුයම හම්බන්තොට වරායෙන් එම ස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුව ඔවුන් එම නිරීක්ෂණය සිදුකරනු ලබන්නේ නෞකාව ගිනි ගැනීමෙන් සාගරයට සහ ජලජ ජීවීන්ට හානියක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහායි.

මෙම කණ්ඩායමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, නාරා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමක් ඇතුළත්.

මේ අතර, නිවා දමා තිබූ නෞකාවේ ගින්න ඊයේ (07) යළි හට ගත් අතර, ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නෞකා 14ක් එක්ව සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top