ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි
Tuesday, 08 September 2020 - 8:07 | Views - 463
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි.
පාර්ලිමේන්තුව පස්වරු 1ට රැස්වීමට නියමිත අතර, ඒ අතරතුර ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සිදුකෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ඔහුට නීතිමය බාධාවක් නොමැති බව අභියාචනාධිකරණය ඊයේ තීරණය කළා.
ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළේ.
ප්‍රේමලාල් ජයසේකර ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් ඇතුලු විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
Share This Article