සියළුම පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි
Tuesday, 08 September 2020 - 8:02 | Views - 322

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියළුම පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා.
පසුගිය සතියේදී ද්විතීක අංශය සඳහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා.
මේ අතර, දැනට මෙරට කොරෝනා ආසාදිතයින් ලෙස 3123 ලෙස වාර්තා වනවා.
එමෙන්ම, ඊයේ දිනයේදී එක් අයෙකු සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව ද 2926 දක්වා ඉහළ ගියා.
ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 185ක් පමණයි.
එමෙන්ම, කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා සෞදි අරාබියේ සිරවී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සහනදායී පියවරක් එරට රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කල් ඉකුත් වූ හෝ සංචාරක වීසා හෝ ඕනෑම ආකාරයක වීසා බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකුට දඩයක් හෝ ගාස්තුවකින් තොරව සෞදි අරාබියෙන් නික්මීමට අවසර ලබාදීමෙන්.
එම තාවකාලික පියවර යටතේ සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නීත්‍යානුකූලව එරට ගුවන් තොටුපළ සහ වරාය ඔස්සේ මෙරටට පැමිණීමට හැකි වනු ඇති.
එමෙන්ම සෞදි අරාබි රජය මගින් ගනු ලැබූ එම පියවර ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ශක්තිමත් ද්වි පාර්ශවික සබඳතා පිළිබිඹු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
Share This Article