සරසවි සිසුවියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Monday, 07 September 2020 - 16:53 | Views - 722
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය දා කිරිබත්ගොඩ - වේවැල්දූව මාර්ගයේදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කළ බවට පවසමින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.
ඒ අනුවයි විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව 38 හැවිරිදි වත්තල - හේකිත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම සැකකරුට අමතරව තවත් අයෙකු සිද්ධියට සම්බන්ධ වී ඇති අතර ඔහු මේ වන විට පොලීසිය මඟ හැර සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ඔවුන් බීමතින් සිට අදාළ සරසවි සිසුවිය පැහැර ගැනීමට තැත් කර ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
Share This Article