අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ලොව අංක 01 ක්‍රීඩක වන Novak Djokovic තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, ඊයේ දිනයේදී පැවැති තරගය අතරතුරු ඔහු විසින් එල්ල කළ පන්දු පහරක් පැති විනිසුරුවරියකගේ බෙල්ලෙහි වැදීම හේතුවෙන්.
ස්පාඤ්ඤයේ බාබ්ලෝ කරීනෝ නමැති ක්‍රීඩකයා සමඟ පැවැති එම තරගයේ පළමු වටය 5-6 ලෙස Novak Djokovic පරාජයට පත් වුණා.
අනතුරුව ඔහු විසින් වේගයෙන් ටෙනිස් පිටියෙන් ඉවතට පන්දු පහරක් එල්ල කළ අතර එය අදාළ විනිසුරුවරිකගේ බෙල්ලෙහි වැදුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් ඇය දැඩි වේදනාවට පත්ව පිටිය මත ඇද වැටුණු බව ද සඳහන්.
අනතුරුව Novak Djokovic විසින් සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරුවරියකගෙන් සමාව ද ඇයද සිටියා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තරග තීරකවරයා පරීක්ෂණයක් පවත්වා Novak Djokovic තරගාවලියෙන් ඉවත් කිරීමටයි කටයුතු කළේ.
කෙසේ වෙතත් මෙය තමන්ගෙන් සිදු වූ අතපසු වීමක් බව ඔහු ප්‍රකාශ කළ ද තරග තීරකවරයා සිය තීරණය වෙනස් නොකළ බව ද වාර්තා වනවා.
මෙවර රොජර් ෆෙඩරර් සහ නඩාල් යන ක්‍රීඩකයින් අදාළ තරගාවලියට සහභාගී නොවු බැවින් Novak Djokovic ඉතා පහසුවෙන් තරගාවලිය ජය ගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් ප්‍රකාශ කර තිබුණේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ, මේ වනවිට එම කාන්තාව සුවෙන් පසුවන බවත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව අයදින බවයි.





