ඉක්මනින් ලෙඩවී කෙටිකලකින් මියයෑමට බලපාන අපගේ ආහාර පුරුදු
Monday, 07 September 2020 - 15:48 | Views - 4,271
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම නීරෝගී බව තුළින් දිගු කාලයක් දිවි ගෙවීමටද අපේක්ෂා කරයි. නමුත් වර්තමානයේ බොහෝ දෙනා හුරුව සිටින ආහාර පරිභෝජන රටාව අනුව ඉක්මනින් ලෙඩවී කෙටි කලකින් මරණයට පත්වීමේ අවදානමක් පවතී. ඊට බලපා ඇති හේතුව කුමක්ද? අපට වැරදී ඇත්තේ කොතැනදැයි කියා නැවත සිතා බැලීම වැදගත්ය.

වෛද්‍යතුමනි වර්තමානයේ අප අනුගමනය කරන ආහාර පාන ගැනීමේ රටාවේ ඇති අඩුපාඩු මොනවාද?

ජීවීන්ගේ මූලිකම අවශ්‍යතාවය වන්නේ හුස්ම ගැනීම හෙවත් ස්වසනයයි. දෙවනුව ජලයයි. තෙවනුව ආහාර පාන ගැනීමය. වර්තමාන සමාජයේ අප සෑම කෙනෙක්ම කුමක් හෝ ආහාර පානයක් දිනපතා ගනු ලබනවා. නමුත් එසේ ආහාර පාන ගන්නේ පෝෂණය ගැන එතරම් සැලකිල්ලක් දක්වමින් නොවේ. ආහාරයේ පිටින් දකින්නට ඇති පැහැය ගැන සිත යොමුකරමින්ය. මෙම බොහෝ ආහාර අපගේ ඇස් රැවටීමට සකස් කර ඇත. ඒවායේ නිසි ගුණයක් අඩංගුවී නැහැ.

නීරෝගීව ජීවත්වීමට අප දිනකට ජලය ලීටර් 6ක් වත් පානය කිරීම අත්‍යවශ්‍යයි. නමුත් වර්තමානයේ කෙතරම් පිරිසක් දිනකට ජලය ලීටර් 6ක් පානය කරනවාදැයි සිතා බලන්න. දිනපතා අප වෙත පැමිණෙන විවිධාකාරයේ ලෙඩ රෝග සහිත පුද්ගලයින්ගෙන් ඔවුන් දිනකට පානය කරන ජලය ප‍්‍රමාණය ගැන විමසා බැලූවිට පවසන්නේ දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය නොකරන බවයි. මෙලෙස සිරුරට අවශ්‍ය ජලය ප‍්‍රමාණය නොලැබීම නිසා සිදුවන්නේ අපගේ රුධිරයෙහි ආම්ලිකතාවය වැඩිවීමයි. එය ඇතිවන්නේ නිසි ලෙස ජලය පානය නොකිරීම නිසාය. එවිට අප ගනු ලබන ආහාර හොඳින් ජීර්ණය වන්නේ නැහැ. මෙසේ ආහාර ජීර්ණය නොවීම නිසා ඉන් ආම වාතය හෙවත් ගැස්ට‍්‍රයිටීස් රෝගය හටගන්නවා. එම රෝගය නිසා ආමාශය තුළ ආම විෂක් හටගන්නවා. මෙම විෂ රුධිරයට එක්වීමෙන් සිරුර තුළ නොයෙකුත් රෝග හටගැනීමට බලපානවා. එනිසා අප දිනකට පානය කළ යුතු ජලය ප‍්‍රමාණය සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ආහාර ගැනීම සම්බන්ධව අවධානය යොමුකිරීමේදී අප ඒ පිළිබඳව අනුගමනය කරන්නේ වැරදි පිළිවෙත් බව දකින්නට තිබෙනවා.

අප ගතයුත්තේ සම බල ආහාර වේලකි. එනම් අප ගනු ලබන ආහාර වෙලක බත්, එළවළු, මාළු, මැල්ලූම්, අලවර්ග ආදිය සම සමව තිබිය යුතුයි. අපේ පැරැුන්නෝ ආහාර ගත්තේ එවැනි සම බල ආහාර වේලකි. නමුත් වර්තමානයේ අප බොහෝ දෙනා ආහාර ගන්නේ බත් වැඩි ප‍්‍රමාණයක් සහ එළවළු මාළු ටික ටික ඉතා ස්වල්ප ප‍්‍රමාණයකි. ඉන් සිදු වන්නේ සිරුරට වැඩිපුර පිෂ්ටය සහ කාබෝහයිඩ්‍රේට්ස් ප‍්‍රමාණයක් එකතුවීමය. එය ලෙඩරෝග රැුසකට මුල පිරීමකි. එසේම අප ගතයුත්තේ තම්බාපු හාලේ බත්ය. එදා අපේ පැරැුන්නෝ ආහාරයට ගත්තේ මෙලෙස තම්බාගත් සහලේ බත්ය. එනිසා ඔවුන් ආහාරයට ගත්තේ ඉවු සහලේ බත් යැයි දේශීය වෛi ක‍්‍රමයේ සඳහන් වෙනවා. තම්බපු සහල්වල ඇති ගුණය කැකුළු සහල්වල නැහැ. තම්බපු සහල්වල නිවුඞ්ඩ හොඳින් ආරක්ෂා වී තිබෙනවා. එම නිවුඞ්ඬේ තමයි සහල්වල ඇති වැඩි පෝෂණය අඩංගුව පවතින්නේ. එසේම සහල් බත් ලෙස පිසගත් පසු එය කිහිප වරක් රත් කර ආහාරයට ගන්න හොඳ නැහැ. ඉන් බත්වල ඇති ගුණය විනාශවී යනවා මෙන්ම පිළිකා වැනි රෝග ඇති වීමටත් එය බලපානවා. වර්තමානයේ අප ෆ‍්‍රයිඞ් රයිස් ලෙසින් බත් කිහිපවරක් රත්කර ආහාරයට ගන්නවා. මෙවැනි ආහාර නිසා සිදුවන්නේ අකාලයේ ලෙඩ රෝගවලට ගොදුරුවීමයි.

අනෙක් බරපතළම කාරණය වන්නේ තිරි`ගු පිටි සහිත ආහාර නිතර ගැනීමය. අප භාවිතයට ගන්නා මෙම තිරි`ගු පිටිවල නිසි පෝෂ්‍යගුණය නැහැ. එහි ඇත්තේ පෝෂ්‍ය ද්‍රව්‍ය ඉවත් කරගත් රොඞ්ඩ පමණයි. එනිසා අප මෙම තිරි`ගු පිටි වෙනුවට නිවුඞ්ඩ සහිත සහල් පිටිවලින් සැකසූ ආහාර ගතයුතුු. ඊට අමතරව කුරහන් පිටිවලින් සකස් කළ ආහාර ගැනීමට, කඩල, කවුපි, මුං ඇට වැනි ධාන්‍ය වර්ග නිතර ආහාරයට එක් කර ගැනීමට හුරුවිය යුතුය. අපට

නීරෝගීව ජීවත් වීමට අවශ්‍ය නම් මා යෝජනා කරන්නේ කරුණාකර පාන් පිටි ආශ‍්‍රිත ආහාර ගැනීම වහාම නතර කරන ලෙසයි. අප පාන් පිටිවලින් සකස් කළ ආහාර සහ සීනි සහිත ආහාර ගැනීම නිසා අඩුම තරමින් මාසයකට සිරුරට සීනි කිලෝ ග‍්‍රෑම් පහක් එක් කරගන්නවා. එය වසරකට කිලෝ හැටකට අධිකයි... මෙතරම් සීනි ප‍්‍රමාණයක් සිරුරට එක් කරගැනීමෙන් අප නිරපරාදේ ලෙඩ වෙනවා. එනිසා දැන්වත් මෙය තේරුම්ගෙන පාන් පිටි ආහාරයට ගැනීම නතර නොකළහොත් අපට දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා, ගැස්ට‍්‍රයිටීස්, වකුගඩු රෝග ආදියට ගොදුරු වන පිරිස පාලනය කරගන්න බැරිවේවි. මීට අමතරව රසකාරක යෙ¥ ආහාර පාන ගැනීම නතර කළ යුතුයි. දිවට දැනෙන රසය ගැන සිතා පමණක් ආහාර ගැනීම නොකළ යුතුයි. අප ගනු ලබන ආහාර සිරුරට එක්වන්නේ රසය, ගුණය, වීර්යය, විපාක සහ ප‍්‍රභාව යන ගුණයන් ලෙසින්ය. ආහාරයේ රස දැනී එය ගුණය බවට පත්වේ. මෙම ගුණයෙන් වීර්යයක් හෙවත් ශක්තියක් ඇතිවේ. එම ශක්තියෙන් සිරුරට ඇතිවන්නාවූ ප‍්‍රතිඵලය අනුව නීරෝගිමත්වේ. මෙම

නීරෝගිමත් බව හඳුනා ගත හැක්කේ අප නිතර පෝෂ්‍යදායී ආහාර ගන්නවානම්ය. එවිට සිරුර පැහැපත්වීම හෙවත් ලස්සන වීම ඇතිවෙනවා. කිසියම් ආහාරයක් නිතර ගන්නා විට සිරුර අව පැහැ වෙනවා නම් ලෙඩ රෝග හටගන්නවා නම් එම ආහාර නිසි පෝෂ්‍ය ගුණයෙන් යුක්ත නැති බව වටහා ගත යුතුයි.

වෛද්‍යතුමනි, අප දිනපතා ආහාර ගැනීමේ නිවැරදි වේලාවක් තිබෙනවාද?

දේශීය වෛi ක‍්‍රමයේ සඳහන් කර ඇත්තේ උදෑසනට බ‍්‍රහ්ම මූර්තියෙන් අවදි වන ලෙසටය. එනම් අලූයම 4.20ත් 5.20ත් අතර කාලයේදී අවදි විය යුතුයි. ඉන් පසු දවසේ වැඩ කටයුතු ආරම්භ කර ආහාර පාන ගැනීමට හුරු පුරුදු විය යුතුයි. උදෑසන ආහාරය පෙරවරු 6.00ත් 7.00ත් අතර ගත යුතුයි. දිවා ආහාරය දහවල් 11.00ත් 12.00ත් අතර ගත යුතුයි. රාත‍්‍රී ආහාරය සවස 6.00ත් 7.00ත් අතර ගත යුතුයි. මෙලෙස ආහාර ගන්නා විට ආහාර වේල් අතර නිසි පරතරයක් ඇති වෙනවා. ඉන් ආහාර ජීර්ණයට අවශ්‍ය කාලයත් ලැබීම නිසා හොඳින් ආහාර සිරුරට උරාගන්නවා. මෙම ආහාර රටාව මගින් කුසගිනි ඇතිවිට ආහාර ගැනීමටත් කුසගිනි නැති විට ආහාර නොගැනීමටත් හුරුවෙනවා. වර්තමානයේ අප බොහෝ දෙනා කුසගිනි ඇතිවිට ආහාර ගන්නේ නැහැ. කුසගිනි නැති විට බලහත්කාරයෙන් ආහාර ගන්නවා. එනිසා ලෙඩ රෝග

රැුසකට අප ගොදුරුව සිටිනවා. ඇතැම් විට කෙනෙක් පැවසිය හැකියි ඔය කියන වේලාවට ආහාර ගන්න අපට බැහැ කියා. ඔවුනට කිව යුත්තේ එසේ කැපවීමක් කළ නොහැකි නම් සිදුවන්නේ අපට සදාකාලිකවම රෝගීන් බවට පත් ජීවිතය විඳින්නේ නැතිව විඳවමින් ගතකිරීමට බවය. එවිට දියවැඩියාව, අධිරුධිර පීඩනය, ගැස්ට‍්‍රයිටීස්, ආතරයිටීස්, වකුගඩු රෝග ආදී සියලූ රෝගවලට ගොදුරුවන බව නිසැකවම කිව යුතුය.

වෛද්‍යතුමනි සැර පාන වර්ග නිසා සිරුරට ඇතිවන බලපෑම කෙසේද?

සැර පාන ලෙස අප හඳුන්වන මත්පැන් දුම්වැටි, දුංකොළ ආදිය පිළිකා ඇතිවීමට අනිවාර්යෙන්ම බලපානවා. නමුත් කිතුල් රා, තල් රා, පොල් රා ආදිය පැසීමකට ලක් නොකර පානය ඉතා ගුණදායකයි. මේවායේ ඇත්තේ ශාකයේ ඇති ප්ලයෝමය ගුණයයි. එනම් ශාකයේ ඇති පෝෂණයයි. එනිසා මෙවැනි පාන වර්ග ගැනීම ගුණදායකයි. ඊට අමතරව පිරිසිදු කංසා භාවිතයත් ඉතා ගුණදායකයි. ඉන් සිරුරට ශක්තිය ලැබෙනවා.

මෙලෙස නිවැරදි ජීවන රටාවකට යොමු නොවුණහොත් සිදුවන්නේ අප ඉතා කෙටිකාලයකින් මරණයට පත්වීමයි. අපට නිවැරදි ජීවන රටාවකට යොමුවීමට යම් කැපකිරීමක් කළ නොහැකි නම් අප පවුලේ වගකීම් ඉටු කරන්නේ කෙසේදැයි කියා අවධානය යොමු කළ යුතුයි. පවුලේ වගකීම දරන්න නොහැකිව ගමක, ප‍්‍රදේශයක හෝ රටක වගකීම දරන්නේ කෙසේ දැයි කියා සිහිපත් කරගත යුතුය. එනිසා මා අවසාන වශයෙන් පවසන්නේ අපගේ රටත් ජනතාවක් රෝග පීඩාදියෙන් බේරාගැනීමට නම් රාජ්‍ය මට්ටමින් මේ සඳහා මැදිහත් වීමක් සිදුවිය යුතු බවය. එසේ නොවුණහොත් අපට නීරෝගීමත් ජාතියක් ලෙස ඉදිරියට යා නොහැකිවනු ඒකාන්තය.


දිවයින
Share This Article
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 647 Views
Top