වැසි සහ සුළං අඩුවුවද මුහුදේ රළු ස්වභාවය තවදුරටත්
Monday, 07 September 2020 - 14:11 | Views - 364
පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් සිදු වුවද මුහුදේ රළු ස්වභාවය තවදුරටත් පවතින බැවින් ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව යළි අවධාරණය කරනවා.

කෙසේ වෙතත්, පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අනතුරු අඟවා තිබියදි එය නොතකා වැලිගම කප්පරතොට ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට පත්ව තිබෙනවා.

පසුව එහි සිටි ධීවරයින් 5 දෙනෙකු ධීවර දෙපාර්තමේන්තුව සහ පාමුර සංචාරයේ නිරතව සිටි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් බේරා ගැණුනා.

වැලිගම ප්‍රදේශයේ පදිංචි 22 සහ 40 හැවිරිදි වියේ පසු වන මෙම ධීවරයින් 5 දෙනා මේවනවිට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බවයි.

දිවයින හරහා විටින් විට තද සුළං ඇතිවීමත් සමඟ මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම් නිසා ඊයේ ගමනාගමන කටයුතුවලට බාධා ද එල්ල වුණා.

මධ්‍යම කඳුකරයට බලපැ අධික වැසි තත්ත්වය හේතුවෙන් පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදුව තිබෙනවා.

මාරවිල ප්‍රදේශයේදි ගස් කඩා වැටීම් හේතුවෙන් ද නිවාස හානි සිදු ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කළා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කළු ගෙඟ් අතු ගංගාවක් වන කුඩා ගඟ කලවැල්ලාව ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දුනමලේ  ප්‍රදේශයෙන් පිටාර මට්ට්මේ පවතින බවයි.

ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 196ක් කුරුණැගල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top