වනාතවිල්ලුව වන විනාශයට සම්බන්ධ තවත් පස්දෙනෙකු සොයයි
Monday, 07 September 2020 - 14:07 | Views - 440
සිමෙන්ති සංස්ථාවට අයත් වනාතවිල්ලුව - එළුවන්කුලම - කූරටියා මොහොට්ටේ ප්‍රදේශයේ ඉඩමක සිදුවු පරිසර විනාශය පිළිබදව සොය බැලීමට වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනාගේ ප්‍රකාශ වලට අනුව තවත් 5 දෙනෙකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කුකුළු ගොවිපළක් ආරම්භ කිරිම සඳහා අදාළ වනාන්තර කොටස එළිපෙහෙළ කළ බවයි අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.

හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ කළ අනාවරණයත් සමඟ ඒ පිළිබදව බලධාරීන්ගේ අවදානය යොමුව වු අතර, ඒ අනුව මෙම ඉඩම පිළිබද සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේම සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණා.  

කෙසේ වෙතත්,  වනජීවී රැකවරණය අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුලූ ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නිතීය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ආනවිලුන්දාව රැම්සා තෙත් අභය භුමියේ කොටසක් ඉස්සන් වගාව සඳහා නිතීවිරෝධිව ඩොසර් කිරිමේ සිද්ධීයට සම්බන්ධ දේශපාලඥයාගේ සහෝදරයා සොයා පොලිස් කණ්ඩායම් 03 සහ හලාවත කොට්ඨාශ බුද්ධි ඒකකය ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලිසිය ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා මේ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top