කාන්තාවක් අනතුරට ලක් කර පලාගිය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
Monday, 07 September 2020 - 13:13 | Views - 441
සුදු ඉර මතින් පාර මාරුවෙමින් සිටි කාන්තාවක් යට කර පලාගිය පොලිස් කොස්තාපල්වරයෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ නගරයට ආසන්නයේ ඊයේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ 59 හැවිරිදි කාන්තාවක්.
සිය පුත්‍රයා සමඟ සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මෙම යතුරුපැදිය ඇගේ ශරීරයේ ගැටී ඇති අතර, අනතුරුව යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා පලාගොස් තිබෙනවා.
කෙසේ වෙතත් යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව මාර්ගයේ වැටී තිබියදී සොයාගෙන ඇති අතර, ඒ වනවිට පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂාවේ යෙදි සිටින අයෙකු බව සඳහන්.
Share This Article