නුවරඑළියේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මරුට
Monday, 07 September 2020 - 11:27 | Views - 1,958
නුවරඑළියේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
56 හැවිරිදි ජාඇළ - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 31 වනදායි.
පාදයක තුවාලයකින් විෂබීජයක් ශරීරගතවීම සහ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පසුගිය 2 වනදා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මසක පමණ කාලයක් රෝහල් ගතව සිටි බවයි වාර්තාවන්නේ.
රෝහල් ගතකිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසයට ආසාදනය වී නොතිබූ බව නුවරඑළිය මූලික රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළා.
Share This Article