හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 07 September 2020 - 10:13 | Views - 379
හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා.

ඒ, ඔවුන්ට කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලෙයාන් අද යළි ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ඔහු අද උදෑසන 9.15ට පමණ කොමිසම වෙත පැමිණි බවයි.

පසුගිය 3 වනදාද මන්ත්‍රීවරයා මෙහි පැමිණියේ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අද දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුලු හයදෙනෙකු අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම නිකුත් කළ සිතාසියකට අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද උදෑසන එහි පැමිණ තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top