රාජගිරියේ FB ගණිකා නිවාසයක් - කාන්තාවෝ 4ක් අත්අඩංගුවට
Monday, 07 September 2020 - 8:19 | Views - 1,004
ෆේස් බුක් හරහා දැන්වීම් පළකර ඉතා සූක්‍ෂම අයුරින් රාජගිරිය පෞද්ගලික බැංකුවක් අසල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් (05) වැටලූ
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එහි කළමනාකාරිණියක සහ ගණිකා වෘත්තියේ නියලූනු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම විමර්ශන අංශ නිලධාරීන් උපාය දූතයන් ලෙස ෆේස්බුක් ගිණුමක සඳහන් දුරකථන අංකවලට අමතා ගණිකා ඇසුර සඳහා යන ලෙස ගොස් අදාළ ගණිකා නිවාසය වටලා සැකකාරියන් කොටුකර ගෙන තිබේ.

අවුරුදු 20 ත් 32 ත් අතර වයසේ පසුවන සැකකාරියන් මොනරාගල, අම්පාර, සීදුව යන ප‍්‍රදේශවල පදිංචිකාරියෝ ය.

මෙම ගණිකා ඇසුර පතා පාසල් සිසුන් හා තරුණයන් වැඩි වශයෙන් පැමිණ ඇතැයි හෙළි වූ බව ද එම අංශය කියයි.

මෙම ගණිකාවක් රුපියල් පන්දහසේ සිට ඉහළට අලෙවි වී ඇතැයි හෙළිවිණැයි ද එම අංශය පවසයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් වික‍්‍රමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හේවගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක වීරතුංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top