දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 300 න් 170 ක් ප්‍රයෝජනයට නොගන්නා බවට චෝදනා
Saturday, 05 September 2020 - 15:20 | Views - 887
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එන්ජින් සහ බලවේග කට්ටල 300 ක් පැවතියද ධාවනය වන්නේ ඉන් 130 ක් පමණක් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ බලවේග කට්ටල හා දුම්රිය එන්ජින් 150 ක් පමණ දැනට ගාල් කර ඇති අතර, ධාවනයේ යෙදවෙන්නේ බලවේග කට්ටල 70 ක් සහ එන්ජින් 60 ක් පමණක් බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මෙතරම් සම්පත් පැවතියද ඒවා ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවයි.
Share This Article