නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දුවේ දැයි තවදුරටත් නිරීක්ෂණ
Saturday, 05 September 2020 - 15:15 | Views - 960
එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කොට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් නාවික සැතපුම් 40 ඉක්මවූ දුරකට රැගෙන යාමෙන් පසු ද ඒ අවට මෙහෙයුම් සඳහා යාත්‍රා 11 ක් යොදවා ඇති බව නාවික හමුදාව පවසනවා.
ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අමේයා නෞකාව ද අද මෙහෙයුමට එක්වී ඇති අතර, මත්තල සිට නික්මුණු ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ යානයක් එහි පැමිණ තිබෙනවා.
එමගින් තෙල් කාන්දුවක් ඇතිවීමේ අවදානමක් පවතින්නේ ද යන්න තවදුරටත් නිරීක්ෂණය කරන බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ.
එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීමට ලක්වූයේ කුවේටයේ මීනා අල් අහමඩි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් ටොන් දෙලක්ෂ 70,000ක් ප්‍රවාහනය කරමින් තිබියදීයි.
කෙසේ නමුත්, නෞකාවෙන් මෙතෙක් එවැනි තෙල් කාන්දුවක් වාර්තා නොවන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළා.
Share This Article