පළාත් කිහිපයකට හෙට තද වැසි
Saturday, 05 September 2020 - 14:42 | Views - 587
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.
එමෙන්ම, හෙට දිනයේ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Share This Article