පැල්මඩුල්ල, මාරපන ගම්වැසියන් පානීය ජල ගැටලුවක
Saturday, 05 September 2020 - 14:37 | Views - 456
ජලය මූලික මිනිස් අවශ්‍යතාවක් වුවත් එය අහිමිව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින ගම්මානයක් පිළිබඳ අපට වාර්තා වුණා.
අද රතු මිනිත්තුවේ අවධානය යොමුවන්නේ, පැල්මඩුල්ල, මාරපන ගම්වැසියන් මුහුණ දෙන මෙම පානීය ජල ගැටලුව පිළිබඳවයි.
පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයට අයත්, මාරපන ගම්මනයේ ජීවත්වන පවුල් 150 ක් පමණ ජනතාව ජල ගැටලුවට මුහුණ පා සිටින්නේ වසර ගණනාවක සිටයි.
සිය ගැටලුවට විසඳුම් ලබාදීම, දේශපාලනඥයින් විසින් මැතිවරණ කාලයේදී කට වචනයකට පමණක් සීමා කරන බවට ඔවුන් චෝදනා කරනවා.
ගම්මානයේ පිහිටි ලිං කිහිපයකින් එදිනෙදා ජල අවශ්‍යතා සපුරා ගත්තද, එම ජලයද බොර පැහැයෙන් යුක්ත වීම හේතුවෙන් මෙම ගම්වැසියන් පානීය ජලය සපයා ගැනීමට දරන්නේ දැඩි පරිශ්‍රමයක්
Share This Article