අසීමිත ආශාවන්වලට ඇබ්බැහි වෙච්ච ත්‍රීවිල් ලසිත්, මුදලට විකිණෙන කාන්තාවක් එක්ක ගිහින්, ජීවිතයට කරගත්තු අපරාධය
Friday, 04 September 2020 - 16:05 | Views - 1,103

සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ ජීවිතේ ගත්තාම ඒ ජීවිතේ කැමති දේවල් වගේම අකැමැති දේවලුත් තියනවා. අපි කැමති දේවල් කරන්න වැඩි නැඹුරුතාවක් තියනවා. අකැමැති දේ කරන්න තවත් එක පැත්තකින් නැඹුරුතාවක් තියනවා.
සමහර අය ඉන්නවා, තමන් අකැමති දේ අසීරුවෙන් හරි කරලා සාර්ථක වෙන්න උත්සහ කරන අය... ඒ විදිහට ජීවිතේ අසීරුවෙන් තරණය කරන්න උත්සහා කරපු, එහෙම කරන්න ගිහින්, ජීවිතේ වරද්දගත්තූ තරුණයෙක් ගැන කතාවක් මේ................
එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව වරක් හිතන්න.........
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 129 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
මේ කතාව ලසිත ගැනයි..
ලසිතගේ කතාවේ ලසිත ඉන්න තැන ඔහු හෙළි කරන්නේ නැහැ. ගමේ යාළුවා වුනු කපිල නිසාම මත්ද්‍රව්‍ය වෙළඳාමට (මත්ද්‍රව්‍ය භාවිතයට නෙවේ,) හුරු උනු ලසිතට ආදරවන්තියකුත් හිටියා.
මේ හැමදේම එක්ක ලසිත කළේ ත්‍රීවිල් රස්සාව... ඒත්.... ඒ රස්සාවෙන් තමන්ට ඕනෑ හැටියට "හම්බ කරන එක" කරන්න බෑ කියලා ලසිත දැනගෙන හිටියා. ඒ නිසාමයි ලසිත මත්ද්‍රව්‍ය වෙළඳාමට යොමු වුනේ.. මේ අතරතුර තමයි ලසිතට "සරෝජනි" මුණ ගැහෙන්නේ. (ඈ මේ කතාවට නායිකාවක්.)
සරෝජනි මුලින්ම ලසිත වීල් එකට ගොඩ වෙන්නේ "හයර් එකක් යමු මල්ලි" කියාගෙන වුනත්... පස්සෙ මේ "හයර් එක"ට ලසිතත් ඉබේම ඇබ්බැහි වුනා. ලසිතට ඕනි වුනේ "සරෝජනි මිස්ව" කොහොමහරි පොළඹවා ගන්න. (ඒක ලිංගික ආකර්ශනයක්.)
අවසානයේ ලසිත ඒ කඩඉම ජයගන්නවා. ලසිත මේ නුපුරුදු අමුත්තිය එක්ක යහන්ගත වෙනවා. එතනින් එහාට.. ඇය තමන් ගැන ඇත්තම කතාව හෙළි කරනවා. ඒ තමන් "මුදලට විකිණෙන කාන්තාවක්" කියලා. ඉතින්... සරෝජනී එක්ක යහන්ගත වෙන්න ආපු "ත්‍රීවිල් ලසිත්" ඊළඟට තැරැව්කාරයෙක් උනා. ඒ තමයි සරෝජනීට "කස්ටමස්ලා" හොයන කටයුත්ත.
ලසිත්ට මේ රස්සාවෙන් හොඳට හම්බ කරන්න පුළුවන් වුනා. ඒ වගේම තමන්ගේ ලිංගික ආශාව සංසිඳුවාගන්නත් සරෝජනීව ලසිත ප්‍රයෝජනයට ගත්තා.
මේ දේ.... ලසිතගේ ගෑණු ළමයාටත් ආරංචි වෙලා තිබුනා. එතනින් ඒ සම්බන්ධයත් අහවර වෙනවා. මේ විදිහට අසීමිත ආශාවන් පස්සේ ලුහු බැඳපු ලසිතට අවසානයේ සිද්ධ වෙන්නේ කිසිවෙකු නොසිතූ දෙයක්................
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
ලසිත-ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......
Share This Article