තමන්ගේ පස්වන අනියම් බිරිඳ වූ අනුලාවතීව හිත්පිත් නැතිව ඝාතනය කළ ඝාතකයා කියූ, පොලිස් නිලධාරින් විශ්මයට පත් කළ කතාන්දරය
Friday, 04 September 2020 - 15:58 | Views - 1,245
ඒ පසුගිය 17 වැනිදා යි. එදින රාත්‍රී 11ට ආසන්න වෙද්දි කලවාන පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලැබුණා.
ඉන් කියැවුනේ කලවාන කොඩිප්පිළිකන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගියා. එහිදී අනාවරණය වූයේ අනුවේදනීය කතා පුවතක්.
 
කලවාන නගරයේ සිට කිලෝමීටර් නවයක් දුරින් කලවාප කොඩිප්පිළිකන්ද පිහිටා තිබෙනවා. කුඩා තේවතු වලින් වටවූ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම රැකියාව වූයේ තේ දළු නෙළිමයි.

තිස් අට හැවිරිදි අනුලාවතී කොඩිප්පිලිකන්දේ පදිංචිකාරියක්. තුන් හැවිරිදි දියණියකගේ මවක්. ඇය දිවි ගෙව්වේ අනියම් සැමියා සමඟයි. ඔහුගේ රැකියාව කසිප්පු පෙරීමයි. අනුලාවතී සමඟ පවුල් කරන්නට පෙර ඔහු කාන්තාවන් සිව් දෙනෙක් සමඟ පවුල් ජීවිත ගත කර තිබෙනවා. එම කාන්තාවන්ට අවුරුදු 25, 20 වයස්වල තරුණ පුතුන් ද සිටිනවා.
 
අනුලාවතී සමඟ සිව් වසරක් පමණ දිවි ගෙවූ ඔහුට දාව ඇය දියණියක බිහි කළා. ඇගේ වයස මේ වන විට අවුරුදු තුනහමාරක්.
 
වසර හතරක පමණ කාලයක් අනියම් පවුල් ජීවිතයක් ගත කළ අනුලාවතී මීට වසරකට පමණ කාලයක සිට අනියම් සැමියාගෙන් වෙන්ම ඔහුට අයත් ඉඩමේ කෙළවර කුඩා අතුපැලයක් සදාගෙන දියණිය සමඟ ජීවත් වුනා.
 
මෙසේ කාලය ගෙවි යද්දි අනුලාගේ අනියම් සැමියා අනුලා පදිංචි සිටි ඉඩම් කොටස ඔප්පුවකින්ම ඇයට ලියා දුන්නා.
 
ඒ වන විට අනුලාවතී අනියම් සැමියාට විරුද්ධව කලවාන අධිකරණයේ නඩුවක්ද පවරා නඩත්තු මුදලක්ද ඉල්ලා ගැනීමට පියවර ගනිමින් සිටියා.
 
මේ නිසා ඈ සමඟ උරණ වූ අනියම් සැමියා වරක් පිහියකින් ඇන ඇය ඝාතනය කිරීමට උත්සහ කර තිබුණා.
 
පූරුවේ වාසනාවකට දෝ අනුලාවතී ජීවත්වීමේ වාසනාව හිමි කරගත්තා. එහෙත් අනියම් සැමියා එල්ල කළ පිහි පහර නිසා ඇයට බරපතල තුවාල සිදුව තිබුණා.
 
කාලය මෙසේ ගෙවී සැකකරුට ගියත් ඇයගෙන් පළිගැනීමේ අදහස සිතින් ඉවත් වී නොතිබුණා. ඒ සඳහා අවස්ථාව එළැඹෙන තුරු ඔහු කුරුමාණම් අල්ලමින් සිටියා.
 
සිද්ධිය වූ දින එනම් 2020 - 08 - 17 වැනි දින රාත්‍රී 10. 30 ත් 11.00ත් අතර වේලාවක් තෝරාගත් සැකකරු අනුලාවතීගේ පැලට ගොස් සඟවාගෙන සිටි පිහියෙන් ඇගේ බෙල්ලට පහර එල්ල කරන්නේ ඇය විළාප දෙද්දී ය.
 
අනතුරුව එම ස්ථානයෙන් පිටවූ අනියම් සැමියා නිවස අසළ පදිංචිව සිටින පළමු කසාදයේ පුතුට කතා කොට තමා අනුලාවතීට පිහියකින් ඇන්න බව පවසා එතැනින් යන්නට ගියා.
 
පුතු වහා අනුලාවතී ගේ පැලට දිව ගියා. පිහිපහරින් බරපතල තුවාල ලබා ලේ විලක් මැද වැටී සිටි අනුලාවතී දුටු ඔහු 1990 ගිලන් රථ සේවාවට මේ බව දැනුම් දුන්නා.
 
ගිලන් රථයෙන් ඇය කලවාන රෝහලට ඇතුළත් කළත් අනුලාවතී ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටියා.
 
මේ සිද්ධිය ගැන විමර්ශනයේදී අනාවරණය වූ පරිදි සැකකරු පැන ගොස් ඇති බව දැනගත් පොලිසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කළා.
 
සැකකරු 18 දා පාන්දරම කලවාන බස්නැවතුමට පැමිණියා. ඒ වන විට කොළඹ යන බසයක් එහි නවතා තිබුණා. වටපිට බැලූ සැකකරු බසයට ගොඩ වී කෙළවර අසුනක වාඩි වුනා.
 
සැකකරු අත්අඩංගුවට පත් වන්නේ ඒ අවස්ථාවේදීයි. පොලිසියට ගෙන ආ ඔහු ඝාතනයේ මුල මැද අග කීවේ පොලිස් නිලධාරින් විශ්මයට පත් කරවමින්. අත්අඩංගුවට ගැණුනු සැකකරු කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කෙරුණා.
 
අනුලාවතීගේ දේහය ඥාතීන්ට භාර දෙනු ලැබුවා.
 
එන්. පී. රාජදොරේ විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top