දරුවන් 15 දෙනෙකුගේ මවක් වූ වාසනාවන්ත ඇගේ නම පැටි හර්නාන්ඩස්. ඇයට වයස අවුරුදු 38යි. ඇය විවාහ වෙලා ඉන්නේ බාල කොල්ලෙක් එක්ක. (නෑ නෑ අවුරුද්දයි බාල.)
ඉතින් මේ දරුවෝ 15 දෙනා එක්ක මේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ උතුරු කැරොලිනාවේ චාලට්වල කාමර පහක් සහිත නිවසක.
මේ දෙන්නට පිරිමි ළමුන් පහක්, ගැහැණු ළමයින් 10ක් ඉන්නවා.
මේ සියළුම දරුවන්ට "සී" අකුරින් පටන් ගන්න නම් තමයි තියලා තියෙන්නේ.
දැන් ඔන්න මේ දෙන්නා තවත් දරුවෙකුගේ සුරතල් බලන්න ආසාවෙන් ඉන්නවලු. අවසන් වරට මැයි මාසයේදී දරු සුරතල් බලන (බාලම දරුවා ඡායාරූපය බලන්න.) මේ අම්මා කියන විදිහට 2021 (ලබන අවුරුද්දේ) වෙද්දි තව දරුවෙකු අපේක්ෂාවෙන්ලු ඉන්නේ.
"අපි සියල්ල දෙවියන් වහන්සේට භාර දීලා තියෙන්නේ" කියලා ඇය කියනවා.
ඉතින් මේ යුවළට ආසන 16කින් යුක්ත බස් රථයකුත් තියනවා. ඒ මේ අයගේ ගමන් පහසුව සඳහාලු.
Dailymail ඇසුරිනි.


