මාස 3කට පසු නවසීලන්තයෙන් කොරෝනා මරණයක්
Friday, 04 September 2020 - 14:21 | Views - 495
කොරෝනා දෙවන රැල්ලකට මුහුණදි සිටින නවසීලන්තයෙන් මාස 3 කට පසු ප්‍රථම කොරෝනා මරණය අද වාර්තා වුණා.
51 හැවිරිදි පුද්ගලයෙකු ඕක්ලන්ඩ් නුවරදී මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති අතර, අවසන් වරට නවසීලන්තයෙන් කොරෝනා මරණයක් වාර්තා වූයේ පසුගිය මැයි 24 වනදායි.
ඒ අනුව, නවසීලන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ යනවා.
එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1764 ක්.
Share This Article