රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා යතුරුපැදියක් අත්අඩංගුවට
Friday, 04 September 2020 - 13:20 | Views - 998
අද උදෑසන පහෙන් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදුකළ විශේෂ වැටලීම් 381 කදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 177 දෙනෙකුම හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අතර හෙරොයින් ග්‍රෑම් 500 යි මිලිග්‍රෑම් 650 ක් සමඟ මොරගහහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ කාන්තාවක්ද වනවා.

මේ අතර හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ සොහොයුරියන්  දෙදෙනෙකු පානදුර - නිව්ඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් තුන්දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාර කාන්තාවන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් සතුව තිබී ජංගම දුරකථන 4 ක් සහ වරින්වර හෙරොයින් ජාවාරමෙන් උපායගත් මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මාතලේ කළුදෑවල - නරිකන්ද ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ මව, පියා සහ දියණිය අත්අඩංගුවට ගැනුනේ මාතලේ පොලීසිය ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදියි.

මොවුන් සුඛෝපභෝගී වාහන මගින් විවාහ සහ අවමංගල උත්සවවලට සහභාගිවීමට ගොස් පැමිණෙන මුවාවෙන් කොළඹ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය මාතලේට රැගෙන විත් තම නිවස තුළදීම අලෙවි කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

හෙරොයින් ජාවාරමෙන් උපයන මුදල් ඊසි කෑෂ් ක්‍රමය හරහා ලබාගෙන හික්කඩුව - ගෝනාපීනුවල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට ලබාදෙන අයෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මොණරාගල, වැල්ලවාය, ආදී ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත අයගේ මුදල් මෙලෙස හුවමාරු කර ඇති බව සඳහන්.

අදාළ සැකකරු ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 153 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ද වැලිකඩ - නාවල මාර්ගයේදීද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි 12,000 ක් සමඟ චීන ජාතිකයෙකු බම්බලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ - ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ චීන ජාතිකයන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයක සඟවා තිබියදී අදාළ දුම්වැටි තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර මෙරට ලියාපදිංචි නොකළ අධි ධාරිතාවයෙන් යුත් රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා යතුරුපැදියක් කැස්බෑව - මාකන්දන ප්‍රදේශයේ නිවසක තිබී පිළියන්දල පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස අමතර කොටස් විදේශ රටකින් මෙරටට ගෙන්වා, මීට මාස පහකට පමණ පෙර එම අමතර කොටස් එකලස් කොට අදාළ යතුරුපැදිය නිපදවා ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

යතුරුපැදිය මෙරට ලියාපදිංචි කිරිමට නොහැකි බැවින් ඊට ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවද සඳහන්. යතුරුපැදියේ හිමිකරු මේ වනවිට ප්‍රදේයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top