තෙල් මිල පහළට
Friday, 04 September 2020 - 13:15 | Views - 752
ඉල්ලුම පිළිබඳ අවිනිශ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරනවා.
ඇමරිකානු කොටස් වෙළඳපොලේ අපගමනයද ඊට බලපා ඇති බව සඳහන්.
ඇමරිකානු තාක්ෂණික සමාගම්වල කොටස් ඊයේ පහත වැටුණේ ජූනි මාසයෙන් පසු අවම අගයටයි.
බ්‍රෙන්ට් වර්ගයේ් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී ඩොලර් 44 දක්වා පහත වැටුණු අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 41 යි ශත 37 ක ලෙසයි.
ඒ අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ වනවිට පවතින්නේ ජූලි මාසයෙන් පසු අවම මට්ටමකයි.
Share This Article