කෝටි 13කට අධික දුම්වැටි තොඟයක් රාජසන්තක වෙයි
Friday, 04 September 2020 - 13:08 | Views - 450
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි 2,353,780ක් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගෙන එය රාජසන්තක කරන ලදි. මෙම භාණ්ඩවල වටිනාකම දහතුන් කෝටී තිස් හය ලක්ෂයක් වේ.
දුම්වැටි ආනයනය කිරීමේ බලපත්‍රයකින් තොරව නීතිවිරෝධී ලෙස මෙම ආනයනය සිදු කර ඇත.
විමර්ශන අවසානයේ අදාළ බහාලුම රාජසන්තක කර ලංකා දුම්කොළ සංස්ථාව වෙත විනාශ කිරීම සඳහා අද දින භාරදෙනු ලැබීය.
මෙය යුරෝපා රටක සිට ඩුබායි හරහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.
Share This Article