ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 68,472 දක්වා ඉහළට
Friday, 04 September 2020 - 12:46 | Views - 398
මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,111 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,889 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 210 ක්.

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද පෙරවරුවේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 142 කු නිවෙස් කරා පිටත් කර හැරුණා.

ඒ අනුව මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 36,326 ක්. එසේම තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 73 ක පුද්ගලයින් 7,746 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ දිනය වනවිට පී.සී.ආර්. පරීක්ෂණ 2,050 ක් සිදුකර ඇති අතර, මේ වනවිට සිදුකර ඇති අතර, මුළු පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ 32,710 ක්.

මේ අතර කොහිනූර් ඇතුලු සුප්‍රකට හින්දි සිනමා නිර්මාණ රැසකට පණපෙවූ සම්මානනීය සිනමා නළු දිලිප් කුමාර්ගේ තවත් සොහොයුරෙකු කොරෝනා වෛරසය වැළඳී මියගොස් තිබෙනවා.

දිලිප් කුමාර්ගේ බාල සොහොයුරු අස්ලාම් ඛාන් පසුගිය 21 වනදා මියගියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි.

මියයනවිට ඔහු 88 වන වියේ පසුවුණා.

කොරෝනා වෛරසයෙන් ඊයේ මියගොස් ඇත්තේ ඔහුගේ තවත් සොහොයුරෙකු වන 90 හැවිරිදි එෂාන් ඛාන්.

ඒ පිළිබඳව 97 හැවිරිදි දිලිප් කුමාර්ගේ නිල ට්විටර් ගිණුමේ සටහන් කර  ඇත්තේ ඔවුන්ගේ පවුලේ හිතවතෙකු විසින්. ප්‍රවීන සිනමා නළු දිලිප් කුමාර් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු මේ වනවිට පූර්ණ නිරෝධායනය යටතේ පසුවන්නේ වෛසරය ආසාදනයෙන් වැළකී සිටිමටයි.

අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ කොරෝනා වෛරස් නව ආසාදිතයන් 83,341 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 39 ලක්ෂය ඉක්මවනවා.

ගතවූ පැය 24 තුළ වාර්තාවූ කොරෝනා මරණ 1,096 ක් සමඟින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද 68,472 දක්වා ඉහළ ගියා.

මේ අතර සුප්‍රකට බැට් මෑන් හොලිවුඞ් චිත්‍රපට මාලාවේ බැට්මෑන් චරිතය රඟපාන නවතම රංගන ශිල්පියා වන රොබට් පැටින්සන් ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ නිසා බැට්මෑන් චිත්‍රපට කථා මාලාවේ නවතම චිත්‍රපටය බි්‍රතාන්‍යය තුළ රූ ගතකිරීම් තාවකාලිකව අත්හිටවූ බවයි වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම නිවේදනය කළේ.

තම චිත්‍රපට කණ්ඩායමේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ නිසා රූගත කිරීම් අත්හිටවූ බව, ප්‍රකාශ කළද වෝනර් චිත්‍රපට සමාගම ආසාදිත පුද්ගලයා නම් කළේ නැහැ.

එහෙත් වැනිටි ෆෙයාර් සහ හොලිවුඞ් රිපෝටර් යන සඟරා මගින් එලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බැට්මෑන් ලෙස රඟපාන රොබට් පැටින්සන් ට බව අනාවරණ කළා. ඉන් පසු නිව්යෝක් ටයිම්ස් පුවත්පතද එම පුවත තහවුරු කර තිබෙනවා.

මල්ලවපොර ශූරයෙකුව සිට හොලිවුඞ් තිරයට පිවිසි ද රොක් ලෙස හැඳින්වෙන ඞ්වේන් ජොන්සන්ටද කොරෝනා ආසාදනය වී ඇති බව පසුගියදා ප්‍රකාශ වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top